ඇගේ සිහින සැබෑ වේවායි පතන ඇෆ්ගන් ගැහැනු ළමයෙක්
මම මෙම කතාව ලියන්නේ අවංකවම මගේ සිතුවිලි වලට අනුවයි. මේ මගේ අවසන් හුස්ම තෙක්ම දිනා ගැනීමට දකිනා සිහිනයක් ගැනයි.
Afghanistan, Southern Asia
Story by Tahmina. Translated by Sanjalee Chandrasekara
Published on November 14, 2021.
This story is also available in
මම, මීට සති කිහිපයකට පෙර ඇෆ්ගනිස්තානු ඉස්ලාමීය ජනරජය නමින් හැඳින්වුණු රටක ජීවත් වන අවුරුදු 20ක් වයසැති ගැහැනු දරුවෙකු වෙමි [1]. මේ ජනරජයේ ගැහැනු ළමයින් තම සිහින සැබෑ වන තුරුම නැවත නැවතත් ඒවා සාක්ෂාත් කර ගැනීමට තරම් එඩිතර විය යුතු වේ, නැතහොත් ඔවුන්ට සිදු වන්නේ තම හදවත් තුළ සැඟවුණු ශෝකයක් දරාගෙනම මිය යාමටයි. මම සිහින දැකීමට එඩිතර වූ ගැහැණු ළමයින්ගෙන් කෙනෙක් වෙමි, මගේ අවසන් හුස්ම වන තුරුම මගේ සිහින සැබෑ කර ගැනීම වෙනුවෙන් ඕනෑම ප්‍රයත්නයක් දැරීමට මම සූදානමෙන් සිටිමි.
මගේ ශිෂ්‍ය ජීවිතය ආරම්භ වන්නේ තාක්ෂණය ඔස්සේ පියවර තබමිනි. මා වැනි ඇෆ්ගනිස්තානයේ ජීවත් වන මධ්‍යම පන්තියේ පවුලකින් පැමිණෙන කෙනෙකුට, පාසල් යාම යනු සුවිසල් දෙයකි; විශේෂයෙන් ඒ මම ගැහැනු දරුවෙකු නිසයි. කුඩා කාලයේදී විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හැදෑරීම හා රැකියාවක් කිරීම වැනි දේ මා දුටුවේ සැබෑ කර ගත නොහැකි සිහිනයක් ලෙසිනි. සාමාජයට හා අන් පුද්ගලයන්ට විරුද්ධ වී මගේ එම සිහිනය සැබෑ කර ගැනීම පහසු කාර්යයක් නොවිණි. එම නිසා මම පාසලේදී බෙහෙවින් වෙහෙස වී මගේ අධ්‍යාපනය කටයුතු සිදු කරමින් ඉහළ ප්‍රතිඵල ලබා ගත්තෙමි. එවිට මගේ පවුලේ අයට පවා මට එය කළ හැකි බව ප්‍රත්‍යක්ෂ වේ. මගේ පන්තියේ පළමුවැනියා වීමට මට හැකි විය. සැමවිටම මගේ අරමුණ වූයේ අළුත් දේවල් ඉගෙන ගනිමින් මගේ පවුලේ අයව ඔවුන් අපේක්ෂා කරන ජීවන මට්ටම වෙත ළඟා කරවීමයි.
පසුගිය සති දෙකේදී,[2] තලේබාන්වරු ජනරජය අත්පත් කරගත් විට, මගේ ජීවිතය අහසින් බිමට වැටුණා වැනි හැඟීමක් මට දැනුණි. මේ ප්‍රහාරවලට පෙර සහ මගේ රට වැටීමට පෙර මම මගේ පවුලේ අය සමඟ ලස්සන ජීවිතයක් ගත කළෙමි. මම අපේ රටේ ඉහළම විශ්ව විද්‍යාලයක පරිගණක විද්‍යාව හදාරමින් සිටි අතර මම පන්තියේ දක්ෂම ශිෂ්‍යාව වීමටද වරම් ලදිමි. මෙය, මම අවදි වූ පසු නතර වන බියකරු සිහිනයක් යැයි සිතුවද, මෙය මගේ ජීවිතයේ නව යථාර්ථය බව මා විසින් පිළිගත යුතව ඇත. මගේ සිහින සහ මගේ පවුල මේ අඳුරු ජීවිතයේ මට ඇති එකම ආලෝකයයි, ඒ මාව ජීවත් කරවන බලාපොරොත්තුවයි. ජීවිතයේ අමාරුම සහ වේදනාකාරීම දෙය මරණය බව මිනිසුන් පවසනු මම අසා ඇත්තෙමි. එහෙත් සැබැවින්ම වේදනාවක් වෙන්නේ හුදෙකලා වූ, බලාපොරොත්තු විරහිත ආත්මයක් හා එයින් පීඩිත හදවතක් සහිතව ජීවත් වීමයි. ජීවත් වීම සහ ඔබේ ආදරණීයයන් වෙනුවෙන් සතුටින් සිටින බව මවා පෑම මගේ ජීවිතයේ අසීරම කර්තව්‍යය විය.
මට මගේ සිහින, බලාපොරොත්තු හා 14 වසරක දුක් මහන්සිය යන සියල්ලම අහිමි විය. මම, පියාපත් තිබුණද පියාඹා යා නොහැකි ව කූඩුවක සිරවූ කුරුල්ලෙකු වැනිය. මගේ සිහිනය වූයේ පරිගණක තාක්ෂණය හැදෑරීම හා මගේ අරමුණු වූයේ හැකි සෑම අවස්ථාවකම අළුතින් දෙයක් ඉගෙන ගැනීමයි. උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් මෙන්ම ආරක්ෂිත සහ සාමකාමී පරිසරයක අධ්‍යාපනය ලැබීම තවමත් මගේ ජීවිතයේ සුවිශාල ම සිහිනයයි, නමුත් හුස්ම ගැනීමට පවා අපහසු පරිසරයක මට ඉදිරියට යාමට හැකි වනු ඇතැයි මම නොසිතමි. ජීවිතය දැන් මිහිපිට අපායක් බවට පත් වී ඇත. අන්තර්ජාලයෙන් හෝ රූපවාහිනියෙන් සිනාසෙමින් සතුටින් ජීවත් වන මිනිසුන් දකින විට, නැවත කවදා අපට එසේ ජීවත් වීමට ලැබේදැයි මට සිතේ.
මගේ ජීවිතයේ තවදුරටත් මට ඉතිරි වී ඇති දෙයක් වන්නේ මගේ පවුලයි. මෙවැනි සහයෝගයක් දක්වන, විවෘත අදහස් දරන පවුලක් ලැබීමට තරම් මම වාසනාවන්ත වූ අතර ඔවුන් මගේ සිහිනය වෙනුවෙන් නිතැනින්ම සහය වන අතර එය සැබෑ කර ගැනීමට හැකි උපරිමයෙන් මට අත්වැලක් වෙයි. මම මේ රාමුව බිඳ දැමීමට උත්සාහ කරන්නේ දැනුමේ බලයෙනි, මට මෙය ජය ගැනීමට හැකි වුවහොත්, මා වැනි අනෙක් ගැහැනු දරුවන් වෙනුවෙන් අවස්ථා ලබා දීමට මම කටයුතු කරමි. ඒ වගේම මට කීමට අවශ්‍ය තවත් එක් දෙයක් වන්නේ තවමත් මම මගේ සිහින සැබැ කර ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් බවයි.
අඳුරින් පිරි රැයක් බියකරු විය හැක, එහෙත් ඔබේ ජීවිතය ආලෝකමත් කිරීමට එක් තාරකාවක් පමණක් ප්‍රමාණවත් වේ.
[1] 2021 අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානයේ ප්‍රහාරයකින් පසුව ඇෆ්ගනිස්ථානයේ පාලනය ඔවුන් විසින් අල්ලා ගන්නා ලදී. මෙම ලිපියේ සඳහන් අවස්ථා ගැන වැඩිදුර කියවන්න.
[2] මෙම කතාව ලියා ඇත්තේ 2021 වසරේ අගෝස්තු මාසයේදීය, උපයුක්ත පාදසටහන බලන්න.
How does this story make you feel?
Follow-up
Do you have any questions after reading this story? Do you want to follow-up on what you've just read? Get in touch with our team to learn more! Send an email to [email protected].
Talk about this Story
Please enable cookies to view the comments powered by Disqus.
Subscribe to our Monthly Newsletter
Stay up to date with new stories on Correspondents of the World by subscribing to our monthly newsletter:
Other Stories in සිංහල
Explore other Topics
Get involved
At Correspondents of the World, we want to contribute to a better understanding of one another in a world that seems to get smaller by the day - but somehow neglects to bring people closer together as well. We think that one of the most frequent reasons for misunderstanding and unnecessarily heated debates is that we don't really understand how each of us is affected differently by global issues.
Our aim is to change that with every personal story we share.
Community Worldwide
Correspondents of the World is not just this website, but also a great community of people from all over the world. While face-to-face meetings are difficult at the moment, our Facebook Community Group is THE place to be to meet other people invested in Correspondents of the World. We are currently running a series of online-tea talks to get to know each other better.