ඉන්දියානු කාන්තාවක් ලෙස මගේ ජීවිතය : ධනයට හැර අන් සියල්ලට අධිපතිනිය
කාන්තාවක් විශිෂ්ඨ විය යුතුයි යන්න සමාජ මතයක් තදින්ම පැවතුණද, මගේ මව ඇගේ උත්සාහයන් සඳහා ඇගයීමට ලක් වූයේ කලාතුරකිනි.
India, Southern Asia
Story by Charu Thukral. Translated by Sanjalee Chandrasekara
Published on October 27, 2020.
This story is also available in
යකඩ ඇණයකට හැඩයක් ලබා දෙන්නේ කෙසේදැයි ඔබ දන්නවා ද? එය උණුසුම් අවස්ථාවේදීම මිටියෙන් තලා හැඩ ගස්වාගෙන ඇත. එමෙන්ම යකඩ ඇණයක් කම්මල්කරුවට අවශ්‍ය ඕනෑම හැඩයකට හෝ ප්‍රමාණයකට අච්චු කර ගත හැකියි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් , මා ඇතුළු තවත් මිලියන ගණනක් දරුවන්ගේ වූයේ කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයන් බලවත් බවයි. යකඩ ඇණයකට හැඩයක් ලබා දෙන්නා සේ අපේ අදහස් හැඩ ගස්වා තිබුණේ ඒ ආකාරයෙනි. වසර ගණනකට පසු මෙම ඇණවල හැඩය වෙනස් කිරීම දුෂ්කර වුවද නොනවත්වා මිටියකින් තැලීමෙන් එයසිදු කළ හැක.
ඉන්දියාවේ කාන්තාවන් විවිධ ගුණාංගවලට අධිපති දේවතාවියන් ලෙස පිදුම් ලබනවා. උදාහරණයක් ලෙස, ධනයට අධිපති ලක්ෂ්මී දේවියද, දැනුමට අධිපති සරස්වතිය, කරුණාවට අධිපති පාර්වති දේවිය හා විනාශයට අධිපති කාලි වශයෙනි. කෙසේවෙතත් ඕනෑම සාමාන්‍ය ඉන්දියානු නිවසකට ගිය විට කාන්තාවන් ධනයට හැර අන් සියල්ලටම අධිපතිනියන් බවට බොහෝ සාක්ෂි දැක ගත හැකියි. ප්රවණතාවයන් සීග්‍රයෙන් වෙනස් වුවද , මෙම වෙනස්කම් සෙමෙන්, මන්දගාමීව සිදු වේ [1]. ඉන්දියාවේ කාන්තාවන්ගෙන් 26% ක් පමණක් ශ්‍රම බලකායට අයත් වන අතර එය 2005 සිට විස්මජනක ලෙස අඩු වෙමින් පවතී. (36.5%) [2]
කාන්තාවකගේ රැකියාව කුමක් වුවත්, ආහාර පිසීම, පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීම, දරුවන් රැක බලා ගැනීම වැනි ගෘහස්ථ කටයුතුවලට ඔවුන් විසින් මූලික වශයෙන් වගකිව යුතුය.
යම් යම් කරුණු ගැන තවමත් ගතානුගතිකව සිතන නූතන මධ්‍යම පාන්තික පවුල් පසුබිමකින් හැදී වැඩුණු අයෙකු ලෙස, කාන්තාවන්ට වැටුප් සහිත රැකියාවක් කිරීමට අවස්ථාව නොලැබීම සම්බන්ධයෙන් මට පැහැදිලි අදහසක් නොවිණි. මම කුඩා කාලයේ සිටම මගේ මව පියාගේ ව්‍යාපාර කටයුතුවලට සහය දක්වන අයුරු මම දැක ඇත්තෙමි. මගේ මව හින්දි හා සංස්කෘතික භාෂා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියක් වුවද, ඇය මගේ පියාගෙන් ගිණුම්කරණය ඉගෙන ගන්නා ශිෂ්‍යයාවක් බවට පත්වී ඇත. ඇය මෙම නව සංකල්ප හා සංඛ්‍යා සමංග පොරබදන අතරවාරයේ ම, පවුලේ සියළු කාර්යභාරයන් කළමනාකරණය කිරීම නිසා පීඩාවට පත් වූවාය.ඇගේ ගෙදර වැඩත්, අපේ ගෙදරවැඩත් යන ද්විත්වයම මනාව ඉටු කරමින්, විශාල න්‍යෂ්ටික පවුලක අපේක්ෂාවන්ද ඉටු කිරීමට වෙහෙසුණාය.
කාන්තාවක් විශිෂ්ඨ විය යුතුයි යන්න සමාජ මතයක් තදින්ම පැවතුණද, මගේ මව ඇගේ උත්සාහයන් සඳහා ඇගයීමට ලක් වූයේ කලාතුරකිනි. වසර 20 ක් පුරාවටම ව්‍යාපාරය හා කාර්යය මණ්ඩලය කළමනාකරණය කරමින් ඉදිරියට ගෙන ගියද, අදටත් ව්‍යාපාරික කටයුතුවලදී ඇගේ මතයට එතරම් වටිනාකමක් හිමි නොවිණි. ඒ ඇය කාන්තාවක් වීම නිසයි. මගේ පියා සිය දිවා ආහරය භුක්ති විඳිමින් සිටියදී, ඇගේ ආහාර ගැනීම පසෙකලා ඔහු වෙනුවෙන් වතුර වීදුරුවක් රැගෙන ඒම වැනි දේවල් විනා කාන්තාවක් වශයෙන් ඇගේ ජීවිතයට ලැබුණු දෙයක් නැති තරම්ය. ඒ මගේ පියා අශිෂ්ට මිනිසෙකු විලසින් හැසිරුණු නිසා නොව, සමාජය විසින් මගේ දෙමාපියන්ට ඔවුන්ගේ ජීවන භූමිකාවන් හා සමාජ තරාතිරම උගන්වා ඇති ආකාරය නිසයි.
මෙම තත්ත්වය එක් එක් අය ලබන අදායම හෝ ඔවුන්ගේ ආර්ථික තත්ත්වය මත වෙනස් වෙනවාද? නැත, කිසිසේත්ම එඑවැන්නක් සිදු වන්නේ නැත.අප සමාජයේ සමහර කාන්තාව කිසි විටෙකත් තර්ක කිරීම නතර නොකරන අතර සෑම විටම තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට සූදානම්ය. යුගයේ අවශ්‍යතාවය මෙයයි. එහෙත් එවැන්නක් සිදු විය යුත්තේ පැහැදිලිවම කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවලදී පමණි. මගේ අම්මා තවමත් ඇගේ ලිංගභේදය අනුව කුඩා කාලයේදී ඇයට ලබා දුන් නිලයම දරයි, ඇයට ලැබිය යුතු දේවල් ලබා ගැනීමට ඇය උත්සාහ කරන්නේ නැත. මෙයට මූලික වශයෙන් හේතු වී ඇත්තේ බිරිඳක් හෝ/සහ මවක් ලෙස ඇයගේ භූමිකාව මෙය බව ඇයට උගන්වා තිබීමයි. නමුත් තවත් සමහර කාන්තාවන් නිර්වචනය කරන ලද තරාතිරමට එරෙහිව කතා කරමින් වෙනසක් ඇති කිරීමට උත්සාහ කිරීම අගය කළ යුතුය. අසාධාරණය සහ අසාධාරණය වෙනුවෙන් හඬ නැගීම වෙනසක් සඳහා වන පළමු පියවර බව මම තරයේ විශ්වාස කරමි. මේ එවැනි කාන්තාවන් සඳහා දිරි දීමට ගන්නා ලද තවත් එක් ප්රයත්නයකි.
පසු සටහන්
[1] ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල තත්ත්වය මීට වඩා වෙනස් වන අවස්ථාව තිබිය හැක. ඊසානදිග හා දකුණු ඉන්දීය කාන්තාවන්ට අන් අයට වඩා වැඩි නිදහසක් හිමිකම් කිව්වද, එම සංස්කෘතීන්වල මුල් බැසගත් අදහස් හා විශ්වාසයන් තවමත් ඔවුන් තුළ එලෙසම පවතී.
[2] මෙම ලිපිය සම්බන්ධ වැඩිදුර තොරතුරු කියවීමට https://www.thehindu.com/business/female-labour-force-participation-in-india-fell-to-26-in-2 018-report/article26467857.ece
How does this story make you feel?
Follow-up
Do you have any questions after reading this story? Do you want to follow-up on what you've just read? Get in touch with our team to learn more! Send an email to [email protected].
Talk about this Story
Please enable cookies to view the comments powered by Disqus.
Subscribe to our Monthly Newsletter
Stay up to date with new stories on Correspondents of the World by subscribing to our monthly newsletter:
Other Stories in සිංහල
Explore other Topics
Get involved
At Correspondents of the World, we want to contribute to a better understanding of one another in a world that seems to get smaller by the day - but somehow neglects to bring people closer together as well. We think that one of the most frequent reasons for misunderstanding and unnecessarily heated debates is that we don't really understand how each of us is affected differently by global issues.
Our aim is to change that with every personal story we share.
Community Worldwide
Correspondents of the World is not just this website, but also a great community of people from all over the world. While face-to-face meetings are difficult at the moment, our Facebook Community Group is THE place to be to meet other people invested in Correspondents of the World. We are currently running a series of online-tea talks to get to know each other better.